Tuesday, December 22, 2020

ලොව ලොකුම අලියා එල්ලා මැරීම

 


අද ලෝකයේ බලවත්ම රට ලෙස වර්තමානයේ අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය හෙවත් ඇමෙරිකාවයි.එම ඇමෙරිකාවේ “ටෙනෙසි” නමින් එක්තරා ප්‍රාන්තයකි. මෙම ටෙනෙසි ප්‍රාන්තයේ “කින්ග්ස්පොට්” නම් එක්තරා නගරයක් වෙයි. එම නගරවැසියෝ වාර්ෂිකව අපූරු සල්පිලක් පවත්වන අතර එහිදී වැඩිපුර දක්නට ලැබෙන්නේ “ෆයිබර්ග්ලාස්”වලින් තැනූ ඇත් රූපයි. 

ඔවුහු එම සල්පිල හරහා ඇත් රූ විකුණති. නගරවැසියෝ එම ඇත් රූප විකුණමින් ලැබෙන ආදායම ලබාගන්නේ නැත.ඔවුන් ඒ ලැබෙන මුදල කෙළින්ම ඇමෙරිකාවේ “ටෙනෙසි” ප්‍රාන්තයේ ඉදිකර ඇති “හෝහෙන්වෝල්ඞ්” නම් අලි අනාථාගාරයට පරිත්‍යාග කරනු ලැබෙයි. අප එම සංවේදී කතාවෙන් මෙම ලිපිය ඇරඹුවේ එක්තරා සුවිශේෂී හේතුවක් නිසාය. එය නම් අප ඉහතින් කී “හෝහෙන්වෝල්ඞ්” නම් වූ අලි අනාථාගාරයට මුදල් පරිත්‍යාග කරන ඇමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ නගරවැසියෝම ලෝකයේ පළමු වතාවට සද්දන්ත ඇතින්නකට මරණ දඬුවම නියම කර එම ඇතින්නව ප්‍රසිද්ධියේ එල්ලා මැරීමයි. දැන් එම සිදුවීම සිදුවී වසර සියයද ඉක්මවා තිබේ


Sunday, December 20, 2020

මිනිසුන් ධනවතුන් කල අහඹු සිදුවීම් 10ක්

 

හර්ට්ෆෝර්ඩ්ෂයර් විශ්ව විද්‍යාලයේ මනෝවිද්‍යා මහාචාර්ය රිචඩ් වයිස්මන්ට අනුව, මෙම සරල මූලධර්ම හතර අනුගමනය කිරීමෙන් මිනිසුන්ට තමන්ගේ වාසනාව සොයා ගත හැකිය:

  1. සම්බන්ධතා ඇති කරගන්න, සැහැල්ලුවෙන් සිටින්න, සහ නව අවස්ථාවන්ට විවෘත වන්න.
  2. ඔබේ සහජ නුවණ සහ ඉව විශ්වාස කරන්න.එයට සවන් දෙන්න.
  3. වාසනාව බලාපොරොත්තු වන්න.
  4. විවිධ මනෝවිද්‍යාත්මක ශිල්පීය ක්‍රම උපයෝගී කර ගනිමින් අවාසනාව මගහරින්න.

වීඩියෝව නරබන්න මෙතන ඔබන්න

හිතාමතා හෝ එසේ නැතිව හෝ , ඔවුන්ගේ ජීවිත කාලය තුළදී මෙම මූලධර්ම අනුගමනය කර සුපිරි ධනවතුන් බවට පත් වූ පුද්ගලයින් විසින් කරන ලද වාසනාවන්ත සොයාගැනීම් හෙළ රහස් හි අපි ඔබ‍ට අද ඉදිරිපත් කරන්න සිතුවා.

Friday, December 11, 2020

වෙනිසියුලාවේ පිහිටි සිත් ඇදගන්නා දෙවියන්ගේ නිවස

 

පුරාණයේ පිටසක්වල ජීවින් මෙලොවට පැමිණි බව බොහෝ දෙනෙක් විශ්වාස කරන කරුණක්.ඔවුන්, ඔවුන්ගේ යානා නවතා තැබීමට සහ ගොඩ බෑමට භාවිතා කල ස්ථාන ලෙස සැලකෙන ස්ථාන රැසක් ලොව පුරා විසිරී පවතිනවා.රොරයිමා කන්ද එවන් එක් ස්ථානයක්.

විඩියෝ නරබන්න මෙතන ඔබන්න

ගයනාවටත්, වෙනිසියුලාවටත් මායිම්ව බ්‍රසීලයේ පිහිටන මෙම කන්ද එහි හැඩය නිසාම බොහෝ දෙනෙකුගේ අවධානය දිනා ගත්තක්.මෙම හැඩයට හේතු වන්නේ එහි මතුපිට පිහිටන ඝනකාභ හැඩයක් ඇති විශාල පාශානය නිසා.
ඇතැමෙකු විසින් මෙම හැඩය සොබාදහමේ නිර්මාණයක් ලෙස විශ්වාස කලත් තවත් බොහෝ දෙනෙකු පෙන්වා දෙන්නේ මෙතරම් නිවැරදිව මෙවන් හැඩයක් නිර්මාණය වීම අහම්බයක් විය නොහැකි බවයි.

Thursday, December 10, 2020

වැලි කතරේ පොලොව පලාගෙන මතු වු යෝධ අත

 


වීඩියෝව බලන්න මෙතන ඔබන්න

අටකාමා කාන්තාරයේ භූමි ස්වභාවය ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නැත. නාසා විද්‍යාඥයන් පවා සිතන්නේ මේ කාන්තාරය බිහිවන්නට ඇත්තේ අඟහරු ග්‍රහයාගේ යම් සම්බන්ධතාවක් මත බවයි. එනිසා අඟහරු ග්‍රහයා මතට යැවීම ට මිනිසා නිර්මාණය කරන රෝවර් යානා මුලින්ම අත්හදා බලන්නේ මේ පස මත ය. එහි මුදු වැලි ඩූන විසින් අමුතුම ආකාරයේ වාලුකා තරංග බිහිකරමින්, පෘථිවිය මත ජීවත් වීමට අසීරුම පරිසර තත්වයන් නිර්මාණය කරයි.

සැතපුම් 19,000 කින් සමන්විත පෑන් ඇමරිකානු අධිවේගී මාර්ගය හරහා අටකාමා කාන්තාරය පසුකර යන විට ඕනෑම කෙනෙක් ලෙහෙසියෙන් මං මුළා විය හැකිය. අවධානය බිඳී යා හැකිය. ගමන යන්නේ රාත්‍රී කාලයේ නම් තත්වය වඩාත් දරුණු වෙයි. ඒ, රෑ අහස සිසාරා පායන දහස් සංඛ්‍යාත වූ තරු රටා විසින් අසාමාන්‍යම වූ දසුනක් මවන නිසාය. තමන් සිටින්නේ පිටසක්වළ යැයි ද කෙනෙකුට විටෙක මෙහිදී සිතී යා හැකිය.ඔය අතරේ අති අසාමාන්‍ය යෝධ අතක් කාන්තාරය මැදින් හමු වේ. ඒ අත, පොළොව පළාගෙන මතු වී දහස් තරු රටා මවන අහස වෙත දිගු වී තිබේ. හරියට, බලාපොරොත්තු බිඳී ගිය අයෙක්, අවසන් වතාවටත් අහස දෙසට අත දිගු කර උදව් ඉල්ලා සිටිනවා වැනිය.

Wednesday, December 9, 2020

අපේ සිරුරේ සිදුවන අපි නොදන්නා අරුම පුදුම දේවල් 11 ක්

 



Monday, December 7, 2020

හතුරෙක්වත් යන්න හොඳ නැති ලෝකයේ දරුණුතම සිරගෙවල්

 හතුරෙක්වත් යන්න හොඳ නැති ලෝකයේ දරුණුතම සිරගෙවල්



වැලිකඩ බන්ධනාගාර තාප්පයේ ගහල තියෙනවා “සිරකරුවෝද මනුෂ්‍යයෝය” කියලා. ලංකාවේ බන්ධනාගාර පාලනාධිකාරී වලට ඒ සිතිවිල්ල හෝ තියෙන නමුත් සමහර රටවල බන්ධනාගර තියෙනවා සිරකරුවෝ තිරිසන් සතුන් කියලා හිතාගෙන ඉන්න. ඒ සිරගෙවල් වලට “මිහිපිට අපායවල්” කියලා කියනවා ඇරෙන්න වෙන හඳුන්වන්න ක්‍රමයක් නම් එන්නෙ නෑ මතකයට. අපි බලමු එහෙමනම් ලෝකයේ දරුණුතම සිරගෙවල් මොනවද කියලා.


Sunday, December 6, 2020

රජ පවුල්වල ඉන්න නිළියන්ටත් වඩා ලස්සන සුරූපිණියන් 10ක්

 

රජ පවුල්වල ඉන්න නිළියන්ටත් වඩා ලස්සන සුරූපිණියන් 10ක්