අද ලෝකයේ බලවත්ම රට ලෙස වර්තමානයේ අවිවාදයෙන්ම පිළිගැනෙන්නේ ඇමෙරිකා එක්සත් ජනපදය හෙවත් ඇමෙරිකාවයි.එම ඇමෙරිකාවේ “ටෙනෙසි” නමින් එක්තරා ප්‍රාන්තයකි. මෙම ටෙනෙසි ප්‍රාන්තයේ “කින්ග්ස්පොට්” නම් එක්තරා නගරයක් වෙයි. එම නගරවැසියෝ වාර්ෂිකව අපූරු සල්පිලක් පවත්වන අතර එහිදී වැඩිපුර දක්නට ලැබෙන්නේ “ෆයිබර්ග්ලාස්”වලින් තැනූ ඇත් රූපයි.
ඔවුහු එම සල්පිල හරහා ඇත් රූ විකුණති. නගරවැසියෝ එම ඇත් රූප විකුණමින් ලැබෙන ආදායම ලබාගන්නේ නැත.ඔවුන් ඒ ලැබෙන මුදල කෙළින්ම ඇමෙරිකාවේ “ටෙනෙසි” ප්‍රාන්තයේ ඉදිකර ඇති “හෝහෙන්වෝල්ඞ්” නම් අලි අනාථාගාරයට පරිත්‍යාග කරනු ලැබෙයි. අප එම සංවේදී කතාවෙන් මෙම ලිපිය ඇරඹුවේ එක්තරා සුවිශේෂී හේතුවක් නිසාය. එය නම් අප ඉහතින් කී “හෝහෙන්වෝල්ඞ්” නම් වූ අලි අනාථාගාරයට මුදල් පරිත්‍යාග කරන ඇමෙරිකාවේ ටෙනෙසි ප්‍රාන්තයේ නගරවැසියෝම ලෝකයේ පළමු වතාවට සද්දන්ත ඇතින්නකට මරණ දඬුවම නියම කර එම ඇතින්නව ප්‍රසිද්ධියේ එල්ලා මැරීමයි. දැන් එම සිදුවීම සිදුවී වසර සියයද ඉක්මවා තිබේ
No comments:
Post a Comment