Thursday, December 10, 2020

වැලි කතරේ පොලොව පලාගෙන මතු වු යෝධ අත

 


වීඩියෝව බලන්න මෙතන ඔබන්න

අටකාමා කාන්තාරයේ භූමි ස්වභාවය ලෝකයේ වෙනත් කිසිදු ස්ථානයක දක්නට නැත. නාසා විද්‍යාඥයන් පවා සිතන්නේ මේ කාන්තාරය බිහිවන්නට ඇත්තේ අඟහරු ග්‍රහයාගේ යම් සම්බන්ධතාවක් මත බවයි. එනිසා අඟහරු ග්‍රහයා මතට යැවීම ට මිනිසා නිර්මාණය කරන රෝවර් යානා මුලින්ම අත්හදා බලන්නේ මේ පස මත ය. එහි මුදු වැලි ඩූන විසින් අමුතුම ආකාරයේ වාලුකා තරංග බිහිකරමින්, පෘථිවිය මත ජීවත් වීමට අසීරුම පරිසර තත්වයන් නිර්මාණය කරයි.

සැතපුම් 19,000 කින් සමන්විත පෑන් ඇමරිකානු අධිවේගී මාර්ගය හරහා අටකාමා කාන්තාරය පසුකර යන විට ඕනෑම කෙනෙක් ලෙහෙසියෙන් මං මුළා විය හැකිය. අවධානය බිඳී යා හැකිය. ගමන යන්නේ රාත්‍රී කාලයේ නම් තත්වය වඩාත් දරුණු වෙයි. ඒ, රෑ අහස සිසාරා පායන දහස් සංඛ්‍යාත වූ තරු රටා විසින් අසාමාන්‍යම වූ දසුනක් මවන නිසාය. තමන් සිටින්නේ පිටසක්වළ යැයි ද කෙනෙකුට විටෙක මෙහිදී සිතී යා හැකිය.ඔය අතරේ අති අසාමාන්‍ය යෝධ අතක් කාන්තාරය මැදින් හමු වේ. ඒ අත, පොළොව පළාගෙන මතු වී දහස් තරු රටා මවන අහස වෙත දිගු වී තිබේ. හරියට, බලාපොරොත්තු බිඳී ගිය අයෙක්, අවසන් වතාවටත් අහස දෙසට අත දිගු කර උදව් ඉල්ලා සිටිනවා වැනිය.

No comments:

Post a Comment