Wednesday, November 18, 2020

එදිනෙදා ජිවිතයේ වැදගත් හේතුන් නිසා සුවිශේෂී වර්ණ භාවිතා කර ඇති දේවල් 10 ක්

 

මිනිස් ඇසට මිලියන 7 කටත් වඩා වැඩි විවිධ වර්ණ වර්ග දැකීමේ හැකියාව ඇත. වර්ණ යනු ඉතා ආකර්ෂණීය දෙයක්. ඒ නිසාම එදිනෙදා ජීවිතයේ භාවිතා වන දේවල් වලටත් යම් යම් වැදගත් හේතුන් මත පිහිටා විශේෂිත වූ වර්ණ භාවිතා කරනු ලබනවා. යම් යම් දේවල් වලට ආවේණිකවූ විශේෂිත වර්ණයක් භාවිතා කරන්නේ ඇයි කියන කුතුහලය ඔබටත් ඇති. ඒවාට හේතු තමයි මේ කියන්න සූදානම් වෙන්නේ

මෙයට අදාල වීඩියෝව බලන්න මෙතැන ඔබන්න

#1. ගිනි නිවන ජලෝද්ගම නළ හෙවත් ‘Fire hydrants’

ගිනි නිවීමට භාවිතා වන මෙම නළ සඳහා විවිධ වර්ණ භාවිතාවේ. එම විවිධ වර්ණ මඟින් එක් මිනිත්තුවකදි එයින් පිටකරන ජල ගැලුම් ප්‍රමාණය කොපමණදැයි නිරූපණය කෙරේ. ඒ වගේම ගින්නේ විශාලත්වය අනුව භාවිතා කරනු ලබන Fire hydrant වර්ගත් එකිනෙකට වෙනස් වෙනවා. මෙවැනි නළ සඳහා වැඩි වශයෙන් භාවිතා කරන්නේ රතු,තැඹිලි,කොළ සහා නිල් යන වර්ණයි.

#2. ව්‍යාපාරික ගුවන්යානා

බොහෝ ව්‍යාපාරික ගුවන්යානා වර්ණ ගන්වා ඇත්තේ සුදු වර්ණයෙන් වීම විශේෂත්වයකි. එහි අරමුණ තමයි සූර්යාලෝකය පරාවර්තනය කිරීම. සූර්ය තාපය නිසා ගුවන්යානාවට ඇති විය හැකි හානි අවම කිරීම සහා යානාව අධික ලෙස රත්වීම වැළැක්වීම සඳහා මෙසේ සුදු පැහැති ලෙස තීන්ත ගැන්වීම සිදුකරනු ලබනවා. ගුවන්යානාව සුදු පාටින් තීන්ත ආලේප කරතිබීම නිසා යානාව ගොඩ බෑමේදී සිසිල්ව නිශ්චල වීමට ගතවන කාලය ඉතා අවම කිරීමට උපකාරී වේ.

#3. ටයර්

ටයර් සෑදීමට භාවිතා වන රබර් වල වර්ණය සැබැවින්ම සුදු පැහැතිය. නමුත්, එම රබර් වල ආයු කාලය වඩාත් දිගු කරගැනීමට ඊට කලු කාබන් එක් කරනු ලබනවා. එහි ප්‍රතිඵලයක් ලෙස රබර් ක්‍රමයෙන් කලු පැහැති වර්ණයට හැරෙනවා. කලු කාබන් මඟින් ටයර් වල ශක්තිය සහා කල්පැවැත්ම වැඩිකරවනවා. ඒ වගේම ඒවාට හැකියි තාපය ඉවත් කරමින් අහිතකර පාරජම්බුල කිරණවලින් ටයරය ආරක්ෂා කිරීමට.

No comments:

Post a Comment