Tuesday, November 17, 2020

හොල්මන් යනු..

 


ලිපියේ අවසානයේ, අවතාර සහ හොල්මන් ඔබටම බලා ගත හැකි ක්‍රමයක් කියා දෙමි.

අවතාර සහ හොල්මන් වූ කලී, රාත්‍රී කාලයේ අන්ධකාරයේ ගැවසෙන මළවුන් යයි සැළකේ. මේ අවතාර පිළිබඳ විශ්වාස ලොව සෑම රටකම පාහේ ඇත. වෙන එකක් තියා ආගම යන්න මුළු ලෝකයම සහ ජීවිතය කරගත් අරාබි රටවල් වල මිනිසුන් අතරද, රහසේ හෝ මේ විශ්වාස පවතී. මේ මළවුන් අල්ලා බෝතල් වල දමා දිය තීරයකට, කළපුවකට හෝ මුහුදට විසි කිරීමේ සිරිත, කවදා කව්රුන් ආරම්භ කළේදැයි නොදනිමි.

හොල්මන් පිලිබද කරන ලද වීඩියෝව මෙතනින්

මෙතන ඔබන්න

https://youtu.be/fkPOzg03Ojw

එක්තරා අරාබි රටක සේවය කරන කාලයේ, නිවාඩු දිනයක මුහුදු තීරයේ නාන්න ගිය විටෙක වෙරළෙන් තරමක් ඈත, හිරු එළියෙන් දිළිසෙන පාවෙන දෙයක් දුටුවෙමි. ඒ වෙත පිහිනා ගොස් බැලූ විට, එය හොඳින් සීල් කරන ලද බෝතලයක් විය. මා එය රැගෙන නැවත වෙරළට පිහිනුවෙමි.

ඒ මනා හැඩයකින් යුතු බෝතලය ඇතුලේ, අරාබි අකුරෙන් ලියූ ලෝහමය පත්‍රයක් ඇති බව දුටුවෙමි. පසුදින කාර්යාලයට ගිය විට මේ පත්‍රයේ ඇති අකුරු වල තේරුම එකට සේවය කල අරාබි මිතුරියකගෙන් ඇසූ විට, ඇය ඒ දෙස බලන්නවත් කැමති වූයේ නැත. හැකි ඉක්මනින් එය නැවත මුහුදට විසි කරන ලෙස ඇය බල කලාය. බොහෝ අපහසුවෙන් කැමති කරවා ගත් පසු ඇය ඒ පත්‍රිකාවේ ඇති අකුරු කියෙව්වාය.

ඇය කියන ආකාරයට, මෙසේ වතුරේ පාවෙන බෝතල් අල්ලන්න ගොස් දියේ ගිළී මිය ගියවුන් බොහෝය. තවද, බෝතලය ඇතුලේ ඉන්නේ මළ යක්ෂයෙකි. සමහරවිට මේ බෝතලය අල්ලන්න ගිය බොහෝ දෙනෙක් මිය ගොස් බෝතලය ඇතුලේ ඉන්නා යක්ෂයාගේ ග්‍රහණයට නතුව ඇත. මා දියේ ගිලී මිය ගියා නම්, මගේ ආත්මය ද මේ වෙලාවේ බෝතලය ඇතුලේය.

එහි මා නම් දුටු යකෙක් හෝ වෙනත් ආත්ම බෝතලය ඇතුලේ නැත. කෙසේ වුවද ඒ යක්ෂයා සිටින බෝතලය කාර්යාලයේ මගේ මේසය උඩ තබා ගෙන සිටියෙමි. තේ කෝප්පයක් වැරදීමකින් හැපී, බෝතලය බිඳි මේසය මළ පිදේනියක් වූවාක් මෙන් අවස්ථාවක් වන තුරු, ඒ යක්ෂයා සහ අනෙකුත් ආත්ම එහි සිටින්නට ඇත.

අරාබින් මේ හොල්මන් සහ භූතයන්ට කියන්නේ ‘ජින්’ කියාය. නියම නමක් ඔවුන් දමා තිබේ. මක්නිසාදයත්, අප අසා ඇති ජින් සහ ටොනික් බිව් අය නම්, අවතාර හොල්මන් වලට දෙවෙනි නොවන හෙයිණි.

දහසක් විනෝදාංශ මැද කල එක වැදගත් විනෝදාංශයක් වන අප්‍රිකාණු වෙස්  මුහුණු එකතු කර බිත්ති වල එල්වා තැබීම ගැන ගෘහ මුලිකයා හෙවත්, මහගේ අකමැති වූයේ, ඉතා අපහසුවෙන් නිවසේ වැඩ කිරීමට සහයට සොයාගත් අප්‍රිකාණු සේවිකාව මැදියම් රාත්‍රියේ බිය වී මරහඬ දුන් නිසාත්, ඉන් පසු ඇය අපගේ නිවස අහලටවත් නොපැමිණි නිසාය.

No comments:

Post a Comment